සංචාරක වීසා මතින් එතෙර ගිය ලාංකිකයින් අපහසුතාවක
Sunday, 06 November 2022 - 14:08 | Views - 2,371
සංචාරක වීසා මගින් ඩුබායි ඇතුලු මැදපෙරදිග රටවලට රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් රැසක් රැකියා නොලැබීමෙන් අපහසුතාවට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ නිසි ක්‍රමවේදයන් යටතේ විදෙස් රැකියා සඳහා පිටත්ව නොයන්නේ නම් ඔවුන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ වගකීමක් භාරගත නොහැකි බවයි.

මෙලෙස අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ ගතවූවන් රැකියා නොමැතිවීමෙන් අසරණභාවයට පත්ව ඇති අවස්ථා පිළිබඳව කාර්යාංශය වෙත ද තොරතුරු වාර්තා වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සහ පුහුණුකිරීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජී. එස්. යාපා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඉල්ලීමක් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසි පරිදි ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව යන ලෙසයි.

මේ අතර ඩුබායි සහ ඕමාන රාජ්‍යවලට සංචාරක වීසා මත පුද්ගලයින් රැගෙන ගොස් අතරමං කරන ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පසුගියදා ප්‍රකාශ කළා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top