ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට - ඔහුට එරෙහිව ලිංගික චෝදනා 04ක් ! - ඇපත් නැතිවෙන හැඩ ?
Sunday, 06 November 2022 - 9:46 | Views - 5,019
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) ඔහුව එරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ බව සනාථ කළ අතර, කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට සති තුනකට පෙර ඇති වූ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට අශේන් බණ්ඩාර කැඳවූ අතර, ඔහුව ශ්‍රී ලංකාවට නොඑවා සංචිතයේ තබා ගැනීමටයි ක්‍රිකට් බලධාරින් කටයුතු කළේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට පිටත් වුණා.

නවතම :-

ඊයේ සිඩ්නි පොලිසිය විසින් කාන්තාවක් සිදු කළ පැමිණිල්ලකට අනුව අත් අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට මේ වනවිට ස්ත්‍රීන් සම්බන්ධව ලිංගික චෝදනා 04ක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තාවනවා.

dating app හරහා ධනුෂ්කට මුණගැසුණු 29 හැවිරිදි තරුණියකට ඔහු විසින් ලිංගික අතවර කළ බවටයි ඇය විසින් චෝදනා කර ඇත්තේ.

සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති බවටත් The Australian වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කර ඇත්තේ; 'Sri Lankan cricket star charged over alleged Sydney rape' යනුවෙන්.

31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු රැඳී සිට ඇත්තේ සසෙක්ස් වීදියේ හෝටලයක් තුළයි.

මේ වනවිට සසෙක්ස් ප්‍රාන්තයේ අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර ප්‍රදේශ විධානයේ රහස් පොලිසිය විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

අද පස්වරුවේ ධනුෂ්ක ගුණතිලකව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

නවතම :-

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝස් බේ හි නිවසක දී 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව ඇතුළු තවත් ලිංගික චෝදනා 04කට එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඊයේ (05) දිනයේ දී සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටියදී 31 හැවිරිදි මෙම ක්‍රීඩකයා අත් අඩංගුවට ගැනුණු අතර, ඔහු අද Sydney City පොලිසිය විසින් පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදියි චෝදනා සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරයා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ.

DATE APP හරහා මිතුරු වෙමින් දින කිහිපයක සිට දුරකතන සංවාදයේ යෙදීමෙන් අනතුරුවයි සිද්ධියට භාජනය වු තැනැත්තියව ධනුෂ්ක ගුණතිලක හමු වී ඇත්තේ.

එහිදියි සැකකරු විසින් මෙම තරුණියට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කර ඇති බවට ඇය විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මේ වනවිට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියානු රාජ්‍ය අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විසින් ද ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නවතම :-

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීමේ සත්‍යතාව තහවුරු කර තිබෙනවා.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණය විසින් ගනු ලබන තීරණ සහ නියෝග දෙස දැඩි අවධානයෙන් පසුවන බවත්, ධනුෂ්ක ගුණතිලක වැරදිකරු වුවහොත් ICC හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top