කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති යාල්දේවී සීඝ්රගාමී දුම්රිය, අද දහවල් වවුනියාව මැදවච්චිය අතර දී පීලී පැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රියේ එන්ජිම හා මැදිරි දෙකක් මෙලෙස පීලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇතැයි වාර්තා වන්නේ.
මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ සිපර කොට රැසකට ද හානි වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.