පොලිසියෙන් ජනතාව උදෙසා තවත් දුරකථන අංක දෙකක්
Saturday, 05 November 2022 - 12:10 | Views - 582
මහජනයාට පොලිස් නිෂ්කාෂන වාර්තා සම්බන්ධයෙන් විමසීම සදහා පොලිස් මුලස්ථානය විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා.
පොලිස් නිෂ්කාෂන වාර්තා ලබා ගැනීම සදහා විමසීම් කිරීමේදී ජනතාවට සිදුවන අපහසුතාව වැලැක්වීම සදහා මෙම නව අංක හදුන්වා දුන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
011-2439185, 011-2013500
කෙසේ වෙතත්, ඉහත සඳහන් එම විශේෂ දුරකන අංක ඔස්සේ සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, සති අන්තයේ හා රජයේ නිවාඩු දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළත් අවශ්‍ය විමසීම් සිදු කළ හැකි බවයි පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.
Share This Article