අපේ හැඟීම එක්ක .. ඌ කොච්චර සෙල්ලම් කළාද ඩාලිං... (Video)
Saturday, 05 November 2022 - 11:51 | Views - 664
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට අදාළව ජානකී සිරිවර්ධන නැමති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (04) පෙරවරුවේ කොළඹ - කොටුවේ පිහිටි ඇයගේ කාර්යාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක නිවාස හා ව්‍යාපාරික ඒකක අලෙවි කරන මුවාවෙන් තිළිණි ප්‍රියමාලි එම ස්ථානයට ව්‍යාපාරිකයින් ගෙන්වා අත්තිකාරම් මුදල් ලබාගෙන තිබුණ බවත් වංචාවන් සිදු කර තිබූ බවත් මින් පෙරදී හෙළි වුණා.

මේ අතර අසාද් සාලි තිලිණි ගැන ලබාදුන් විස්තර අනුව තිලිණිගේ ගනුදෙනු බොහොමයක් ජානකි සමග එක්ව සිදු කරන ලදැයි පවසා තිබුණා.

(සම්මුඛ සාකච්ඡා කිහිපයකදීම ජානකිගේ නමද සඳහන් වූ අතර, ඇය තවමත් අත්අඩංගුවට නොගෙන ඇත්තෙ මන්දැයි බොහෝ පිරිස් විමසා තිබුණා!)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන වැඩිදුර රඳවා ගෙන ප්‍රශ්න කිරීමට උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත යි.

මේ අතර, තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන අතර සිදුවූ කතාබහක හඬපටයක් අප වෙත ලැබී තිබෙනවා.

එම හඬපටය පහතින්... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top