නව ඇමති පත්වීම් ගැන ඉඟියක්
Saturday, 05 November 2022 - 10:44 | Views - 345
අයවැයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව, එම නව අමාත්‍ය ධුර සඳහා මීට පෙර අමාත්‍යධුර දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, සී.බී රත්නායක සහ එස්.එම්. චන්ද්‍රසේන සහ ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අය පත් කිරීමට සූදානමක් ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ රජයේ කැබිනට් ඇමති ධූර 18 සහ නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති ධූර 38, ඇතුළුව මුළු ඇමති මණ්ඩලය 57 දෙනෙකු ගෙන් සමන්විත වෙනවා.
Share This Article