බිත්තර පහට ලක්ෂයක දඩයක්
Friday, 04 November 2022 - 15:11 | Views - 970
බිත්තර පහක් වැඩි මිලට විකිණු වීරකැටියේ වෙළෙඳ සැලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා.
බිත්තරයක් රුපියල් 60 බැගින් බිත්තර පහක් රුපියල් 300 කට අලවි කල වීරකැටිය ප්රදේශයේ වෙළෙන්දෙක් හම්බන්තාට දිස්ත්රික් පාරිභෝගික කටයුතු පිළීබඳ අධිකාරියේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (04) මෙම දඩ මුදල නියම කර ඇති බවයි පාරිභෝගික පිළිබඳ අධිකාරිය පවසා සිටියේ.
දිවයින පුරා මේ දිනවල සිදුකරන වැටලීම් හමුවේ මෙම වෙළඳ සැල් හිමියාද අත් අඩංගුවට පත් වී ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
( උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article