රියදුරු බලපත්‍ර ලැබෙන අලුත්ම කාණ්ඩය?
Friday, 04 November 2022 - 14:28 | Views - 1,853
බිහිරි වූවන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ නියමු ව්‍යාපෘතියට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් පුද්ගලයින් 90දෙනෙකුගේ වෛද්‍ය පරීක්ෂණය සිදු කර තිබෙනවා.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ කාර්යාලයේදී මෙම වෛද්‍ය පරීක්ෂණ පැවැත්වුණා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ නියෝජිතයන් ඇතුළු සාමාජිකයින් සියලු දෙනාම, දශක තුනකට ආසන්න කාලයක් පැවති මෙම ගැටලුව නිරාකරණය කිරීම සම්බන්දව මෙහිදී ප්‍රසාදය පළකර සිටියා.
කෙසේ වෙතත්, නොවැම්බර් 06වන දින ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී දෛනිකව මාර්ග නීති පිළිබඳව දැනුවත් කරන අතර නොවැම්බර් මස 08වන දා ලිඛිත පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවද සඳහන්.
Share This Article