පෝෂණ මල්ල ලබා දීමේ ව්‍යාපෘතිය මාස ගණනාවක සිට ඇණහිට ඇති බවත් වර්තමානයේ දී භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමත් සමඟ තමන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත් ගැබිනි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් සඳහන් කරනවා.
මේ පිළිබඳ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න ප්‍රකාශයක් කර ඇති අතර, එහි දී ඔහු සඳහන් කළේ, ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ල ලබා දීමේ ව්‍යාපෘතිය මේ වන විට ඇණහිට ඇති බව යි.
එය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.
එම ප්‍රතිපාදන මේ මාසය තුළ ලැබෙනු ඇති බවත් ඉන් අනතුරු ව කඩිනමින් එය ආරම්භ කරන බවත් ලේකම්වරයා ප්‍රකාශ කර යි.
ඔහු සඳහන් කළේ, මෙම පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගැබිනි හා කිරිදෙන මව්වරුන් එක් ලක්ෂ පනස් පසදහසකට අධික පිරිසකට රුපියල් 4,500ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීමට පියවර ගන්නා බව යි.