මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර අද දිනයේත් දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් පිටත් වන සහ කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ප්රමාදයන් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබූ දුම්රියක් අද දහවල් 2 ට පමණ ඊයේ දුම්රිය පීලිපැනීමක් සිදුවූ ස්ථානය ආසන්නයේ මෙලෙස පීලිපැනීමකට ලක්ව තිබුණා.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.