සැලුන් යන්නේ බලාගෙනයි ?
Wednesday, 02 November 2022 - 15:43 | Views - 1,604
රූපලාවන්‍ය ආයතනවල දී කොණ්ඩය කැපීමේ දී පවා HIV වෛරසය වැළඳීමේ හැකියාවක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පවසනවා.

අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ, සැලූන් එකක කොණ්ඩය කපන කොට වුණත් බ්ල්ඩේ එක මාරු කරන්න ඕනේ පුද්ගලයාගෙන් පුද්ගලයාට. HIV වෛරසය බෝවෙන එක ක්‍රමයක් තමා හම කඩතොලුවීමක් තුළින් ඒ විෂබීජ ඇතුළුවීම. ඒ වගේ ක්‍රියාවලියක් සිදුවෙන හැමවෙලාවකම ඒ පිළිබඳ නියම ප්‍රමිතීන් අනුව කරන්න ඕනේ.

කෙසේ වෙතත්, වෛද්‍යවරයා පැවසුවේ, එකම උපකරණය භාවිත කරන්නේ නැතිව රෝම ඉවත්කිරීම කරන්න ඕනේ. අනෙක් කාරණය තමා ටැටූ ගහද්දි. එවිට භාවිත කරන ඉදිකටු වෙනස් වෙන්න ඕනේ. ඒ වගෙ ගැටලු තියෙනවා. HIV සහ හෙපටයිටිස් B වැනි රෝග දෙක ඒ වගේ ක්‍රමවලින් බෝවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇති තැන්වලින් එවැනි දේට යොමුවෙන එක වැදගත් බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top