ඉන්ධන මිල අද අඩු වෙයි ?
Monday, 31 October 2022 - 17:15 | Views - 3,844
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වැනි දින සහ එම මාසයේ 15 වන දින සංශෝධනය කිරීමට නියමිතව ඇති අතර, ඒ අනුව අද හෝ හෙට දිනයේ එම සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට දිනයේ අඩු වේ යැයි බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීම ප්‍රමාද කර තිබෙනවා.

කෙසේවෙතත් ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදු වේ යැයි පාරිභෝගික ජනතාව දැඩි අපේක්ෂාවෙන් සිටිනවා.

මේ අතර පසුගියදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කරනු ලැබුවා.

ඒ අනුව මේ වන විටත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 370 ක්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 ක්.

කෙසේවෙතත් පසුගියදා අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන්හි වෙනසක් සිදුවූයේ නැහැ.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top