ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වැනි දින සහ එම මාසයේ 15 වන දින සංශෝධනය කිරීමට නියමිතව ඇති අතර, ඒ අනුව අද හෝ හෙට දිනයේ එම සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට දිනයේ අඩු වේ යැයි බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීම ප්‍රමාද කර තිබෙනවා.
කෙසේවෙතත් ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදු වේ යැයි පාරිභෝගික ජනතාව දැඩි අපේක්ෂාවෙන් සිටිනවා.
මේ අතර පසුගියදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කරනු ලැබුවා.
ඒ අනුව මේ වන විටත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 370 ක්.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 ක්.
කෙසේවෙතත් පසුගියදා අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන්හි වෙනසක් සිදුවූයේ නැහැ.