රට රැකියාවට යන්න ගිහින් සිදුවූ අකරතැබ්බ (Video)
Sunday, 30 October 2022 - 15:35 | Views - 409

මැලේසියාවේ රැකියා දෙන බව පවසමින් තරුණ තරුණියන් 300 දෙනෙකුගෙන් පමණ මුදල් වංචා කළ පුද්ගලයෙකු තලංගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, එම වංචාවට හසු වූ පිරිස කළ පැමිණිල්ලකට අනුවයි.
මෙම ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇත්තේ, බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශයේයි.
මැලේසියාවේ රැකියා දෙන බව පවසමින්, අජිත් කුමාර වික්‍රමසිංහ නමැති මෙම පුද්ගලයා දිවයින පුරා තරුණ තරුණියන් 180 දෙනෙකුගෙන් පමණ, රුපියල් 151,000 බැගින් සහ සෙසු පිරිසගෙන් රුපියල් 6,000 බැගින් ලබාගෙන තිබෙනවා.
මුදල් ලබා දී මාස කිහිපයක් ගතවුවත්, රැකියා ලබා නොදීම සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත තරුණයින් පිරිසක් පසුගිය 26 වැනිදා රාත්‍රියේ මෙම විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණ ඒ පිළිබඳව විමසූ විට එහි හිමිකරු විවිධ ප්‍රකාශ කරමින්, තමන් රැවටීමට උත්සාහ ගත් බව, එම තරුණයින් ප්‍රකාශ කළා.
ඒ අනුව, ඔවුන් ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසියට කළ පැමිණිල්ලක් මත අජිත් කුමාර වික්‍රමසිංහ නමැති සැකකරු අත්අඩංගුවට ගැනුණා.
ඔහු ඒ වනවිටත් රුසියාවට යාමට අවශ්‍ය වීසා ලබා ගෙන තිබූ බවයි එම තරුණයින් පැවසුවේ.
තලංගම පොලිසිය, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. #
Share This Article