දකුණු කොරියාවට - ජාතික ශෝක කාලයක්
Sunday, 30 October 2022 - 10:47 | Views - 879
දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර විදේශිකයන් 19 දෙනෙකු ද සිටින බවයි නවතම විදෙස් වාර්තා පවසන්නේ.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 70 කට අධිකයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔහු විපතට පත්වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කළ ඇති අතර, තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ලැබේවායි ද ප්‍රාර්ථනා කරන බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඉදිරියේදී මෙවන් ව්‍යසන සිදු නොවීමට වගබලාගන්නා ලෙස ද දකුණු කොරියානු ජනාධිපතිවරයා බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම සිද්ධියේ දී මියගිය අය වැඩි පිරිසක් විසි හැවිරිදි වයස්වල පසුවන යෞවනයන්.

දකුණු කොරියාවෙන් මීට පෙර මෙවැනිම ශෝකජනක සිද්ධියක් 2014 වසරේ දි වාර්තා වූ අතර, එහිදී මගී යාත්‍රාවක් පෙරළීමෙන් උසස් අධ්‍යාපනය ලබන සිසුන් 304 දෙනෙකු මියගොස් තිබුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top