දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය ලාංකික තරුණයා මහනුවර පදිංචිකරුවෙක් (Video)
Sunday, 30 October 2022 - 10:31 | Views - 2,119
දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේදී සිදු වූ අනතුරෙන් මියගිය පිරිස අතර සිටින ශ්‍රී ලාංකිකයා 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සනාථ වී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති අංශ සමඟ සමීපව සොයාබලමින් අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.
මෙම අනතුරින් 151 දෙනෙකු මියගොස් 82 දෙනෙකු තුවාල ලැබුවා.
මියගිය පිරිසට විදේශිකයන් 19 දෙනෙකු අයත්.
මේ අතර දකුණු කොරියාවේ ප්‍රකාශයට පත් කළ ජාතික ශෝක කාලය නොවැම්බර් පස්වනදා දක්වා ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
Share This Article