ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ යළිත් වරක් කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරුමැද පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලටද වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
මේ අතර පුත්තලම සිට කන්කසන්තුරේ සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇති.
එබැවින් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු සිදු කිරීමේ දී අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.