ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණ ඉහළට (Video)
Saturday, 29 October 2022 - 12:33 | Views - 538
ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළ යෑමක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර පවසනවා.
ඊට ප්‍රධාන හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම,හා නියමිත මාත්‍රාව නොදැන ලබාගැනීම සහ වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙවැනි ඖෂධ භාවිත කිරීමයි.
කෙසේ වෙතත්, ඇය සඳහන් කළ පරිදි මේ තත්ත්වයට යොමුවෙලා තිබෙන්නේ වයස අවුරුදු 20-25 කාණ්ඩවල අයත් වයස අවුරුදු 40-45 කාණ්ඩවලට අයත් අය බවටයි සැලකෙන්නේ.
එසේම, බොහෝ තරුණයින් මෙම ලිංගික උත්තේජන ඖෂධ භාවිත කර තිබුණේ අත්හදාබැලීම් සඳහා බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ ඉරේෂා දේශානි සමරවීර පෙන්වා දුන්නේ.
Share This Article