WhatsApp ඔස්සේ පෙන්වූ අඳුරු සිහිනය - ඔබත් ප්‍රවේශම් වන්න
Saturday, 29 October 2022 - 11:50 | Views - 696
වට්ස් ඇප් තාක්ෂණය උපයෝගී කරගනිමින් ව්‍යාජ වීසා බලපත්‍රයක් සකස්කොට සෞදි අරාබියට යවන බවට රවටා පුද්ගලයකු ගෙන්වාගෙන සෙල්ලම් පිස්තෝල එල්ලකර බියවද්දා මුදල් සහ බඩුබාහිරාදිය කොල්ලකෑ පුද්ගලයකු 26 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකස්වත්ත, යටියන, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
වීසා සහ ගුවන් බලපත් හදිසියේ ලැබුන බවත් විදෙස් ගතවීම සඳහා සියලු බඩුබාහිරාදිය රැගෙන මතුගම ප්‍රදේශයට එන ලෙසත් පැමිණිලිකරුට දන්වා පාළු ප්‍රදේශයකට කැටුව ගොස් සන්තකයේ තිබූ රුපියල් හැට දහසක් කොල්ලකෑ බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
සැකකරු විසින් සිදුකළ එවැනි මුදල් වංචා සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් අගලවත්ත සහ බදුරලිය ප්‍රදේශයේ වාර්තා වී ඇති බවත් තවත් ප්‍රදේශවල මුදල් වංචා සහ කොල්ලකෑම් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් සඳහන් වුණා.
( උපුටා ගැනීම - දිවයින )
Share This Article