අත්‍යවශ්‍ය සේවා සපයන රජයේ ආයතන වලට සහනයක්
Saturday, 29 October 2022 - 11:19 | Views - 474
හිඟ විදුලි බිල්පත් ඇති අත්‍යවශ්‍ය සේවා සපයන රජයේ ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කර සිටියා.
කෙසේ වෙතත්, රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article