පාන් පිටි තොග මිල පහළට
Saturday, 29 October 2022 - 11:08 | Views - 1,723
කොළඹ කොටුව තොග වෙළඳුන් ආනයනය කරන තිරිඟු පිටි (පාන් පිටි) කිලෝවක මිල රුපියල් 250ක් දක්වා පහත දමා ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමය පවසනවා.
තිරිඟු පිටි ආනයනය සඳහා විවෘත ගිණුම් හරහා කටයුතු කිරීමට ඊයේ (28) අවසර ලැබීමෙන් පසුව එයට බලපත්‍රය ලැබුණු වහාම තිරිඟු පිටි ආනයනය ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවද මේ වන විටත් විශාල තොගයක් ඇනවුම් කර ඇති බවද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියා.
Share This Article