ඩොලර් ගේන්න නම් සම්ප්‍රදායෙන් ඔබ්බට යා යුතුයි - අගමැති
Friday, 28 October 2022 - 17:09 | Views - 340
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකත්වයට ආණ්ඩුකාරවරුන් හා පළාත් සහ නිලධාරින්ගේත්, හිටපු මහජන නියෝජිතයින්ගේ සෘජු දායකත්වය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ (27) අරලියගහ මන්දිරයේ දී පළාත් ආණ්ඩුකාරවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදියි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
එමෙන්ම, පළාත් මට්ටමින් සංචාරක කර්මානතය දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති අතර සෑම පළාතකම සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීමටත් විදේශ ආදායම් රටට ගෙන ඒමට නම් සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article