අද සිට තිරිඟු පිටි ආනයනයට සහනයක් ?
Friday, 28 October 2022 - 16:42 | Views - 1,361
අද දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා මෙරටට තිරිඟු පිටි ආනයනයට අවස්ථාව ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අතර අද (28) පැවති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබාදීම සඳහා මෙම සාකච්ඡාව පැවැත් වූ බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙහිදී, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනයන්හි මිල ගණන් පහළ දැමීම සඳහාත්, තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහාත් අවධානය යොමු වී තිබෙන බවද සඳහන්.
එසේම, පිටකොටුව තොග වෙළදපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 250 දක්වා අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටියා.
Share This Article