විවිධ ස්වභාවික හේතූන් මත පසුගිය කාලය තුළ ලිපි ගොනු අස්ථානගත වීම හේතුවෙන් පීඩාවට පත් විශ්‍රාමිකයින්ට කඩිනමින් විසඳුම් ලබාදීමට අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මාළිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මහජන ගැටළු සොයාබැලීම සඳහා හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
මෙරට සමස්ත විශ්‍රාමිකයන් සංඛ්‍යාව 689,770 ක්.