කොරෝනා ආසන නීතිය වෙනසක් - බස් ගාස්තුත් පහළට ?
Friday, 28 October 2022 - 13:28 | Views - 433
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය ඉදිරියේ දී ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විෂයභාර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එම නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මීට මාස දෙකකට පෙර බස් ගාස්තු සියයට 10කින් අඩු කිරීමත් සමඟ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් පහත දැමුණා.

එහිදී ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ආසන ගණනට මගීන් රැගෙන යාමේ නීතිය ඉවත් කිරීමෙන් පසු ගාස්තු අඩු කරන බවයි.

ඒ අනුව අදාළ නීතිය ඉවත් කරන ලෙස අවස්ථා හතරකදී ප්‍රවාහන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය වෙත ලිඛිතව දැනුම් දුන්නා.

එසේ කළහොත් සියයට 12 කින් බස් ගාස්තු අඩු කළ හැකි බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දුන්නේ.

ඒ අනුව අදාළ තීරණය කඩිනමින් ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ.

එසේ කළහොත් දැනට රුපියල් 34 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 29 ක් දක්වා අඩුවනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top