ඉලොන් මස්ක් - ට්විටර් අයිතිකරු වෙයි ?
Friday, 28 October 2022 - 11:30 | Views - 799
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් මිල දී ගත් බව වාර්තා වනවා.

ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉලොන් මස්ක් සඳහන් කරන්නේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සඳහා සිදු කෙරුණු ඇමරිකානු ඩොලර් බිලියන 44ක ගනුදෙනුව අවසන් බවයි.

ඉන් නො නැවතුනු ඉලොන් මස්ක් ට්වීටර් මූලස්ථානයට සින්ක් එකක් රැගෙන පැමිනෙන්නේ එය ගිලෙන්න දෙන්න යයි කියමින්.

මේ අතර, ට්විටර් සමාගම ඉලෝන් මස්ක් අතට පත් වීමෙන් අනතුරුව එහි 75%ක සේවක කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව කටකතා පැතිරුණත්, එම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බව ඉලෝන් මස්ක් ව උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය සඳහන් කරනවා.

මීට ඉහත ඉලොන් මස්ක් ටික්ටොක් මෘදුකාංගය මිලදී ගෙන එය ඉවත් කරන බවට ද සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කළා.

කෙසේ වෙතත්, ට්විටර් සමාජ මාධ්‍ය තුළ ඔහු ප්‍රසිද්ධියේ සිදුකරන ඇතැම් විහිලු සහගත ප්‍රකාශවලට බොහෝ දෙනාගේ අවධානය නිතැතින්ම යොමු වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top