වාහන සොරකම්කිරීම් ඉහළට
Friday, 28 October 2022 - 11:15 | Views - 1,128
යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සොරකම්කිරීම් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම මංකොල්ලකෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද වැඩි පැමිණිලි ප්‍රමාණයක් පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ , යතුරු පැදි, ත්‍රිරෝද රථ, ලොරි රථ සහ බස් රථ සොරකම් කිරීම් සහ මංකොල්ලකෑම් සිද්ධීන් 1406 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් සිද්ධීන් 311 ත්‍රිරෝද රථ සොරකම් කිරීම් සහ තවත් සිද්ධීන් 1016 ක් යතුරු පැදි සොරකම් කිරීම් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article