වීදි වෙළඳුන්ගෙන් බදු අයකිරීමේ තීන්දුව ?
Friday, 28 October 2022 - 10:44 | Views - 1,614
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග ආසන්නයේ පවත්වාගෙන යන බඩ ඉරිඟු, ලොතරැයි සහ එළවළු අලෙවි කරන්නන්ගෙන් මුදල් අයකිරීමේ තීරණය ක්‍රියාවට නංවා නොමැති බව එම අධිකාරිය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ එවැනි හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරුණත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී ගැටළු රැසකට මුහුණපෑමට සිදුවනු ඇති බවයි.

ඒ හේතුවෙන් එලෙස මහාමාර්ග ආසන්නයේ වෙළඳාමේ නිරතවන පුද්ගලයින්ගෙන් යම් අය කිරීමක් සිදුකිරීමේ තීරණය මේ දක්වා ක්‍රියාවට නංවා නොමැති බවද එම උසස් නිලධාරීයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, ඊයේ (27) රජරට දූෂණ විරෝධී සංගමය චෝදනා කළේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග ආසන්නයේ පවත්වාගෙන යන බඩ ඉරිඟු, ලොතරැයි සහ එළවළු අලෙවි කරන්නන්ගෙන් මාර්ග සංවර්ධන අධිකාරිය බද්දක් පනවා ඇති බවටයි.

එම අලෙවිස්ථානයේ භූමි ප්‍රමාණය, වර්ග අඩි පහක් නම් ඒ සඳහා මාසිකව රුපියල් 2000 ක මුදලක් ලබා දිය යුතු බවත් සෑම වැඩිවන වර්ග අඩි පහකටම රුපියල් 2000 බැගින් අය කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබුණා.

මීට අමතරව, ඒ සඳහා අත්තිකාරම් මුදලක් වශයෙන් රුපියල් 10,000 ක් ද, ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 1000 ක් සහ ලිපිද්‍රව්‍ය ගාස්තු ලෙස රුපියල් 400 ක් ලබා දිය යුතු බවටත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් වෙළදුන්ට උපදෙස් දී ඇති බවටයි රජරට දූෂණ විරෝධී සංගමය පෙන්වා දුන්නේ.

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙලෙස බදු අයකිරීමට දරන උත්සහය ඉතා අසාධාරණ බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top