සෝලා සඳහා ගෙවීම් ගාස්තු සංශෝධනය වෙයි
Wednesday, 26 October 2022 - 10:40 | Views - 974
වහල මත සවිකරන සෝලා පද්ධති සඳහා තිබූ ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
එක ඒකකයක් සඳහා පළමු වසර 07 තුළ රුපියල් 22ක් සහ ඉතිරි වසර 13 සඳහා රුපියල් 15.50ක්ව පැවති ගාස්තු වෙනුවට කිලෝවොට් 500ට අඩු පද්ධතියක එක් ඒකකයක් සඳහා රුපියල් 37ක මුදලකුත් කිලෝවොට් 500කට වැඩි පද්ධතියක එක් ඒකකයක් සඳහා රුපියල් 34.50කුත් ගෙවීමට නව ගාස්තු සංශෝධනයෙන් නියම කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.
Share This Article