ප්‍රදේශ රැසකට අදත් තද වැසි - ඉදිරි දින දෙක ගැනත් විශේෂ දැනුම් දීමක් (Video)
Sunday, 23 October 2022 - 8:59 | Views - 4,084
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඉදිරි පැය විසි හතර තුළ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවලද තද වැසි ඇතිවිය හැකියි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් සඳහන් කළේ වැසි ඇතිවනවිට පැවතිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගත යුතු බවයි.

එමෙන්ම ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු ස්වභාවයක් ගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඇතැම් අවස්ථාවල එම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභායක් ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මුහුදේ මෙන්ම ගංඟා සහ ජලාශවල දිය නෑමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

එසේම, ඉදිරි දින දෙක තුළද දිවයිනේ බොහෝ ප්‍රදේශවලද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම කාලසීමාව තුළ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ඊසානදිග මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවරයන්ගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කොළඹ, ගාල්ල, මාතර, කළුතර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක මෙලෙස අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති බව සඳහන්. එමෙන්ම ගිංගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන ප්‍රකාශ කළේ මහවැලි සහ කැළණි ගංඟාවල ජල මට්ටම් වෙනස් විය හැකි බැවින් ඒ ආශ්‍රිතව සිටින ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top