පළාත් රැසකට තවදුරටත් තද වැසි (Video)
Saturday, 22 October 2022 - 15:36 | Views - 392
දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර පවතින වැසි තත්වය හේතුවෙන් කළුගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.
Share This Article