22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 178කින් සම්මතයි
Friday, 21 October 2022 - 18:20 | Views - 265
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම වැඩි ඡන්ද 178කින් සම්මත වී තිබෙනවා.
එසේම, එයට පක්ෂව ඡන්ද 179, විපක්ෂව ඡන්ද 1 ලැබී තිබෙනවා.
කෙසේ වෙතත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
එසේ ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පාර්ලිමේන්තුවේදී මීට පෙර ප්‍රකාශ කළේ සිය පක්ෂය 22 වන සංශෝධනයට සහය ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, හිටපු ඇමති සරත් වීරසේකර පමණක් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
Share This Article