පැය 14ක කාලයක් කොළඹට ජලය කැපෙයි
Friday, 21 October 2022 - 10:53 | Views - 2,430
22 වන සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 02,03,04,05,07,08,09 සහ 10 යන ප්‍රදේශවලට බවටයි සඳහන්.
අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියා.
Share This Article