“HIRU LIFE PARTY ” අදයි
Friday, 21 October 2022 - 9:40 | Views - 316
ශ්‍රී ලාංකේය ප්‍රසංග කලාව තවත් සොඳුරු මානයකට ගෙන යන හිරුගේ අති දැවැන්ත වින්දනීය අත්දැකීම “හිරු ලයිෆ් පාර්ටි” අද පස්වරු පහේ සිට කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
ඩැඩී සහ ඉන්ෆිනිට් සංගීතයෙන් හැඩවන ප්‍රසංගය, ගායනයෙන් වර්ණවත් කිරීම සඳහා වස්ති, නදීමාල් පෙරේරා, කාංචනා අනුරාධි, දිනේෂ් ගමගේ, සනුක වික්‍රමසිංහ සහ කයිසර් කයිස් එක්වනු ඇති.
නවීන තාක්ෂණය සමඟ සුපිරි සංගීත රටා සහ ආලෝක රටාවන්ගෙන් හැඩවන හිරු ලයිෆ් පාර්ටි ප්‍රසංගය මෙරට සංගීත කලාවේ නවමු අත්දැකීමක් සටහන් කරනවා.
ඒ වෙනුවෙන් එක්වන සැමට රිසි සේ සංගීත රසය විඳ ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර අවසන්.
Share This Article