යස ඉසුරු සොයා එතෙර ගිය කතුන් රැසක් - වද කඳවුරක
Wednesday, 19 October 2022 - 12:58 | Views - 936
මෙරට කාන්තාවන් 60 දෙනකු පමණ ඩුබායි රාජ්‍ය්‍යයේ අජ්මාන් නගරයේ රහසිගත නිවාසයක රඳවාගෙන ගෘහ සේවයට යවා මුදල් උපයාගන්නා ජාවාරමක් තිබෙන බවට ඊට හසුවූ කාන්තාවන් පිරිසක් හඬපට මගින් මෙරට ඥාතීන්ට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකික කාන්තාවන් තිදෙනකු එම නිවාසය බාරව කටයුතු කරන අතර ඔවුන් ඩුබාහි නිවාසවලට කතාකර කාන්තාවන් දින කීපයකට ඒවායේ ගෘහ සේවයට යවන අතර ඒ සඳහා ලැබෙන මුදල්ද ජාවාරම්කාර කාන්තාවන් විසින් ගනු ලබන බව ද එම කාන්තාවන් හඬපටවලින් ප්‍රකාශ කර ඇති බවටයි සඳහන් වන්නේ.

දින පහකට හෝ සතියකට ආදී වශයෙන් ගෘහ සේවයට යොදවන කාන්තාවන්ට එම නිවෙස්හිමියන් කෑම බීම පවා නොදී දිනකට පැය 18ක පමණ කාලයක් වැඩ ගන්නා බව ද එහෙත් ඔවුන්ට කිසිදු මුදලක් නොලැබෙන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අනුරාධපුර, කුරුණෑගල ආදි ප්‍රදේශවල කාන්තාවන් මෙම ජාවාරමේ සිරකාරියන්ව සිටින බවත් ඒ අතර වයස අවුරුදු 60ක මව්වරුන් දෙදෙනකු ද සිටින බවත් වැඩිදුරටත් සඳහන් වනවා.

(උපුටා ගැනීම - ලංකාදීප)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top