ඛනිජතෙල් සේවකයන් නැවතත් සේවයේ
Wednesday, 19 October 2022 - 12:23 | Views - 6,144
ලෙඩ නිවාඩු දමා ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර ඇති බවත් අද සිට යළිත් සිය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බවත් ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා.
ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනතට එරෙහි ව ඛනිජ තෙල් වෘත්තිය සමිති ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් කොළොන්නාව, මුතුරාජවෙල පර්යන්තවලින් සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන තෙල් නිකුත් කිරීමේ කටයුතු ඊයේ (18) අඩපණ වූ බවයි එම වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් අද සිට යළිත් සාමාන්‍ය පරිදි සේවා කටයුතු ආරම්භ කරන බවයි ඛණිජ තෙල් පොදු සේවක සංගමය සභාපති අශෝක රංවල කියා සිටියේ.
Share This Article