සා පෙළ ප්‍රතිඵල නොවැම්බර්
Wednesday, 19 October 2022 - 9:42 | Views - 1,224
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2022 නොවැම්බර් මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සිසුන් ගැටලුවලට මුහුණ පා සිටින බවට පාර්ලිමේන්තුවේ දී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
"ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදය සලකා බලා අදාළ පාසල්වල විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද හැඳුනුම්පත පිළිගන්නා බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇති බවත්, විභාගයට පෙනී සිටින කිසිදු සිසුවෙකුගේ අනන්‍යතාව නැවත තහවුරු කිරීමට හේතුවක් නොමැති බව" ඔහු එහි දී ප්‍රකාශ කළා.
Share This Article