ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක විදුලිය විසන්ධි කෙරෙයි
Monday, 17 October 2022 - 16:47 | Views - 492
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විදුලිය විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වනවා.

රූපවාහිනී සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද (17) පෙරවරුවේ පැමිණි විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරීන් පිරිසක් විසින් අදාළ විදුලිය සිඳලීම සිදු කළ බවයි.

රුපියල් මිලියන ගණනාවක් වන රූපවාහිනී සංස්ථා විදුලි බිල නො ගෙවීම මීට හේතු වී ඇති බවයි සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

හිරු ප්‍රවෘත්ති සමග අදහස් දැක් වූ රූපවාහිනී සංස්ථාවේ නිලධාරියක් කියා සිටියේ, මේ වන විට නාලිකාවේ විකාශ කටයුතු ආදේශක බලශක්ති ප්‍රභවයන් භාවිත කරමින් සිදු කෙරෙන බව‍යි.

කෙසේ වෙතත් මේ වන විටත් රූපවාහිනී සංස්ථා බලධාරීන් විසන්ධි කරන ලද විදුලි බලය නැවත යථාවත් කර ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top