බස් ගාස්තු වෙනස් කරන්නේ නෑ - ගමනා ගමන කොමිසම
Monday, 17 October 2022 - 16:23 | Views - 390
ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවන බව ජාතික ගමනා ගමන කොමිසම සභාව පවසනවා.
කෙසේ වෙතත්, බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල සියයට 4 ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩු විය යුතු බවයි බස් සංගම් මීට පෙර සඳහන් කර සිටියේ.
එසේම, අද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කාංචන සඳහන් කර සිටියේ , රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් පහළ දමන බවද එසේම, ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් අඩු කරන බවයි.
ඒ අනුව, නව මිල පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 370ක් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415ක් වන බවයි.
Share This Article