ජ්‍යෙෂ්ඨ පුරවැසි තැම්පතුව අවලංගු වෙයි
Monday, 17 October 2022 - 12:12 | Views - 593
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීර්ඝ නොකරන බව ද වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත්, මීට ඉහතදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා වාර්ෂිකව සියයට 15ක ඉහළ ප්‍රතිශතයක් ලබාදීමට වානිජ බැංකු වසර ගණනාවක සිටම කටයුතු කර තිබුණද, මේ වන විට සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක හරහාද රුපියල් ලක්ෂ 15ක් තැන්පත් කරන්නන්ට සියයට 23ක පොලී ප්‍රතිශතයක් ලබා ගත හැකි බවයි.
ඒ හේතුවෙන්, ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් අහිමි කිරීමෙන් තැන්පත් කරුවන්ට පාඩුවක් නොවන බව ද වැඩිදුරටත් සඳහන් ව තිබුණා.
Share This Article