ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 64 වන තැනට
Monday, 17 October 2022 - 10:42 | Views - 424
2022 වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

මෙවර සාගිනි දර්ශකයට රටවල් 121ක් ඇතුළත් වුණා.

ලකුණු 13යි දශම 6ක් හිමි කරගත් ශ්‍රී ලංකාව මෙම දර්ශකයට අනුව සාගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසුවනවා.

ඉකුත් වසරේ සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 116ක් අතරින් 65 වන ස්ථානයේ පසුවුණා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් යොදා ගනිමින් අයර්ලන්තයේ සහ ජර්මනියේ සංවිධාන දෙකක් එක්ව වාර්ෂිකව මෙම ගෝලීය සාගිනි දර්ශකය පිළියෙල කරනු ලබනවා.

රටවල ආහාර හිඟය, නිසි පෝෂණයක් නොමැතිවීම, ළමයින්ගේ වර්ධනය, සමබල අහාර වේලක් සපයා ගැනීමට ඇති හැකියාව, වයසට සමගාමීව ළමයින්ගේ වර්ධනය සිදුවීම සහ ළදරු මරණ අනුපාතිකය වැනි කරුණු මෙහිදී සලකා බැලෙනවා.

මෙම වසරේ සාගිනි දර්ශකයේ දකුණු ආසියානු රටවල් අතරින් ඉන්දියාව 107 වන ස්ථානයට පසුබැස ඇත්තේ 101 වන ස්ථානයේ සිටයි.

පාකිස්ථාන 99 වන ස්ථානයේත් බංග්ලාදේශය 84 වන ස්ථානයේත් පසුවනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය සදහන් කර තිබුණේ මෙම දර්ශකය සැකසීමේ දී වැරදි ගණනය කිරිම් සිදුව ඇති බැවින් එය පිළිගත නොහැකි බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top