තිළිණි නැවතත් වැලිකඩින් එළියට (Video)
Saturday, 15 October 2022 - 17:03 | Views - 812
රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (15) දිනයේත් ස්ථානීය පරීක්ෂාවක් සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් රැගෙන විත් තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින තිළිණි ප්‍රියමාලි අද පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය පරීක්ෂාව සඳහා රැගෙන ගිය බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙරේදා දිනයේදී ඇය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයට රැගෙන ආවේ ද ස්ථානීය පරීක්ෂාවක් සඳහායි.
Share This Article