කැළණි ගඟත් පිටාර යයි - පොලිසියෙන් විශේෂ දැනුම් දීමක් (Video)
Saturday, 15 October 2022 - 15:10 | Views - 3,533
පවතින අධික වර්ෂාවත් සමග කැළණි ගගේ ජලය පිටාර ගැලීමෙන් බියගම ප්‍රදේශයෙන් මල්වාන, යබරලුව උතුර සහ දකුණ, බියගම නැගෙනහිර හා දකුණු ග්‍රාම නිලධාරි වසමේ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් නිවාස 682 ක පුද්ගලයින් 1620 ක් පමණ අවතැන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම බියගම කැලණිය මාර්ගයේ බණ්ඩාරවත්ත හන්දියේ සිට රග්ගහවත්ත පාලම දක්වා කොටස, බණ්ඩාරවත්ත හන්දියෙන් මල්වානට හැරෙන හන්දිය ජලයෙන් යටවී තිබෙනවා.

එසේම මල්වාන කොළඹ මාර්ගයෙන් රක්ෂපාන ප්‍රදේශය සහ නව නුවර මාර්ගයේ 13 කණුව ප්‍රදේශය සහ යබරලුව පහත් බිම් ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

එසේම, මෙවැනි අනතුරු බහුල කාලගුණ තත්ත්වයක් තිබියදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව ද සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top