කොළඹ අතැර ගමේ පදිංචියට යන පිරිස වැඩිවෙලා
Saturday, 15 October 2022 - 15:02 | Views - 472
අධික ආහාර උද්ධමනය නිසා කොළඹ ඇතුළු ඒ අවට තදාසන්න ප්‍රදේශවල ජීවත්වීමේ අපහසුතාවය හේතුවෙන් යම් යම් පිරිස් පිට පළාත්වලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව පළාත් පාලන ආයතන ආරංචි මාර්ග පවසනවා.

එසේම, සමහරුන් පිට පළාත්වලින් ඉඩම් මිලදී ගෙන වගා කටයුතු සඳහා පෙළඹී සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙසේ පිට පළාත් වලට සංක්‍රමණය වන පිරිසෙන් වැඩි දෙනෙක් නාගරික ප්‍රදේශයන්හි වගා කටයුතු සඳහා ඉඩකඩ නොමැති ඉඩකඩම්වල පදිංචිව සිටින අය බවටයි වාර්තා වන්නේ.

එසේම, වැසියන් මෙසේ පිටව ගොස් ඇත්තේ කොළඹ පිහිටි තම නිවාස කුලියට ලබා දීමෙන් පසුව බවටයි වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ ආහාර උද්ධමනය සියයට 70 දක්වා ඉහළ නැග ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, දර කෑල්ලේ සිට සෑම දෙයක්ම වෙළඳපොළෙන් මිලදී ගැනීමට සිදුව ඇති හෙයින් කොළඹ ජීවත්වීම ඉතා දුෂ්කර බව පිට පළාත්වලට සංක්‍රමණය වූ පිරිස් සඳහන් කරනවා.

විශේෂයෙන්ම මහල් නිවාසවල ජීවත්වන පිරිස්වලට මෙම ප්‍රශ්නය දැඩිව බලපා ඇතැයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.  


(උපුටා ගැනීම - ලංකාදීප )




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top