කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි - අතුරු මාර්ග භාවිත කරන්න උපදෙස්
Saturday, 15 October 2022 - 13:58 | Views - 880
බියගම - කැලණි පාරේ බණ්ඩාරවත්ත සිට රග්ගහවත්ත පාලම දක්වා, බණ්ඩාරවත්තෙන් මල්වානට හැරෙන හන්දිය, කොළඹ පාරේ රක්ෂපාන ප්රදේශය, නව නුවර පාරේ යබරලුව සහ 13 කණුවයන ප්රදේශ ජලයෙන් යට වී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස මාර්ග ජලයෙන් යට වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ හේතුවෙන්, එම මාර්ග භාවිත කරන්නන්ට විකල්ප මාර්ග ඒ සඳහා භාවිත කරන ලෙසට ද පොලිසිය දැනුම් දී තිබෙනවා.
Share This Article