මහ වැස්සට සේදී ගිය ජීවිත (Video)
Saturday, 15 October 2022 - 11:27 | Views - 857
පැවති අධික වැසි තත්ත්වය හමුවේ වරකාපොල - තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඊයේ (14) පස්වරුවේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි සිරව තිබූ මවගේ සිරුර සොයාගෙන තිබෙනවා.

කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම සිරුර සොයාගත් බවයි.

පස් කන්දට යටවී ඇති ඇයගේ වැඩිමහල් පුතු සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අනතුර සිදු වූ අවස්ථාවේ පියා මුදා ගැනීමට කටයුතු කර තිබූ අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබුණා.

සිද්ධිය වන අවස්ථාවේ දී මියගිය කාන්තාවගේ දස හැවිරිදි බාල පුත්‍රයා උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඔහු මේ වනවිට සිය මිතුරෙකුගේ නිවසේ රැඳී සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

Update:-

පැවති අධික වැසි තත්ත්වය හමුවේ වරකාපොල - තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඊයේ පස්වරුවේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි සිරව තිබූ 24 හැවිරිදි වැඩිමහල් පුතුගේ සිරුරද සොයාගෙන තිබෙනවා.

කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සිරුර සොයාගත් බවයි.

පස් කන්දට යටවී තිබූ මවගේ සිරුර අද අලුයම සොයාගනු ලැබුවා. අනතුර සිදුවූ අවස්ථාවේ පියා මුදා ගැනීමට කටයුතු කර තිබූ අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබුණා.

සිද්ධිය වන අවස්ථාවේදී මියගිය කාන්තාවගේ දස හැවිරිදි බාල පුත්‍රයා උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඔහු මේ වනවිට සිය මිතුරෙකුගේ නිවසේ රැඳී සිටින බවයි පොලිසිය සඳහන් කළේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top