පැවති අධික වැසි තත්ත්වය හමුවේ වරකාපොල - තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඊයේ (14) පස්වරුවේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි සිරව තිබූ මවගේ සිරුර සොයාගෙන තිබෙනවා.
කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම සිරුර සොයාගත් බවයි.
පස් කන්දට යටවී ඇති ඇයගේ වැඩිමහල් පුතු සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අනතුර සිදු වූ අවස්ථාවේ පියා මුදා ගැනීමට කටයුතු කර තිබූ අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබුණා.
සිද්ධිය වන අවස්ථාවේ දී මියගිය කාන්තාවගේ දස හැවිරිදි බාල පුත්‍රයා උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඔහු මේ වනවිට සිය මිතුරෙකුගේ නිවසේ රැඳී සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
Update:-
පැවති අධික වැසි තත්ත්වය හමුවේ වරකාපොල - තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඊයේ පස්වරුවේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි සිරව තිබූ 24 හැවිරිදි වැඩිමහල් පුතුගේ සිරුරද සොයාගෙන තිබෙනවා.
කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සිරුර සොයාගත් බවයි.
පස් කන්දට යටවී තිබූ මවගේ සිරුර අද අලුයම සොයාගනු ලැබුවා. අනතුර සිදුවූ අවස්ථාවේ පියා මුදා ගැනීමට කටයුතු කර තිබූ අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබුණා.
සිද්ධිය වන අවස්ථාවේදී මියගිය කාන්තාවගේ දස හැවිරිදි බාල පුත්‍රයා උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඔහු මේ වනවිට සිය මිතුරෙකුගේ නිවසේ රැඳී සිටින බවයි පොලිසිය සඳහන් කළේ.