අද රෑ පැය 12 ක ජල කප්පාදුවක්
Saturday, 15 October 2022 - 11:03 | Views - 1,239
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්රදේශ කිහිපයකට අද (15) රාත්රී 10 සිට හෙට (16) උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 02 ,03 , 04 සහ 05 යන ප්රදේශවලට මෙන්ම, කොළඹ 07 , 08 , 09 සහ 10 යන ප්රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.
Share This Article