කළු වලාවක රිදී ඉරි සෙවූ දිරිය දියණිය රන්සරා - සියල්ල හඬවා අවසන් ගමන් යයි (Photos)
Wednesday, 12 October 2022 - 13:50 | Views - 899
ඔබට මතක ඇති 2020 වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගයෙන් ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලද දෙව්මිව.

දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ කියන්නෙ අතිශය දක්ෂ සුවිශේෂී දියණියක්.

ඇය සුවිශේෂී වන්නේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීම නිසාම පමණක් නෙවෙයි.

දෙව්මි කියන්නෙ උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවූ ආබාධිත දියණියක්.

ඇයගේ ඉගටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික තත්වයෙනුයි පසුවුණේ.

ඇයව පාසල වෙත රැගෙන ආවේද මාපියන් විසින් වඩාගෙනයි.

කෙසේ නමුත් අද අපිට ඇය ගැන දැනගන්න ලැබුණේ ඉතාමත් අවාසනාවන්ත පුවතක්.

ඒ ඇය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙමින් සිට ජීවිතයෙන් සමුගත් බවයි.

මේ පිළිබඳව අපි ඇයගේ පාසලෙන් විමසනු ලැබුවා.

" දරුවා තරමක් අසනීප තත්ත්වයෙනුයි සිට තිබෙන්නේ.

රෝහල්ගත කරන්න මාපියන් සූදානම් වුණත් දුව එපා කියලා තියෙනවා. කොහොම නමුත් එන්න එන්නම තත්වය නරක අතට හැරෙන නිසා මාපියන් ඇයව මාතර මහරෝහලට ඇතුළත් කරලා තියෙනවා. එහිදී දෙව්මිව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනවා.

ප්‍රතිකාර ලබන අතරතුර තමයි ඇය මේ විදියට අවසන් ගමන් යන්නේ..." යනුවෙන් පවසා සිටියා.

තව දුරටත් අදහස් දක්වමින්,

" අපිට තවමත් හිතාගන්න බෑ මේක... දෙව්මිට ගොඩක් බලාපොරොත්තු තිබුණා. වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබූ ඇය ගැන අපිටත් බලාපොරොත්තු ගොඩක් තිබුණා. අපේ සිහින බලාපොරොත්තු ඔක්කොම නැති වුණු හැඟීමක් දැන් අපිට තියෙන්නේ...."

යනුවෙන් පාසලේ ගුරු මවක් සංවේදීව අදහස් දක්වා සිටියා.

තවමත් ඇයගේ දේහය නිවසට රැගෙනවිත් නොමැති බවයි ඇය පවසා සිටියේ..... 

















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top