ශිරෝෂි රොමේෂිකා හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කෙරෙයි
Wednesday, 12 October 2022 - 11:39 | Views - 4,154
ජනප්රිය ගායක අමල් පෙරේරාගේ බිරිඳ වන ජනප්රිය රංගන ශිල්පිනී ශිරෝෂි රොමේෂිකා හදිසි අනතුරකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වනවිට ඇය දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඇයව පසුගිය ඉරිදා (09) දින රෝහල්ගත කර තිබෙනවා.
ශිරෝෂි රොමේෂිකාගේ මේ වනවිට තත්ත්වය දැනගන්නට හිරු අපි ගායන ශිල්පී අමල් පෙරේරාව සම්බන්ධ කරගත්තා. ඔහු ඇගේ තත්ත්වය පැවසුවේ මෙසේයි.
"ශිරෝෂි ගිය ඉරිදා ඇක්සිඩන්ට් වුණේ. දැන් අයිසීයූ එකේ ඉන්නේ. "එයාගෙ තත්වය හොඳ අතර හැරෙනවා කියලා කියනවා. අපිත් බලාගෙන ඉන්නේ එයා කතා කරනකං තමයි. බලමු ඉතින්. හොඳ දෙයක් වෙයිනේ."
ඇයට හිරු අපිත් ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා.



Share This Article